ප්‍රධාන පිටුව

අප සිත ලෝකයේ පැටලී තිබෙන අයුරු පුදුම සහගත ය. 

බුදු කෙනෙක් ලොව පහල නොවන්නට ඒ සිතේ පැටලිල්ල ලිහා ගැනීමට තබා, එය පැටලී තිබෙන බවවත් සොයා ගත නො හැක. 


අහෝ..! බුදු කෙනෙකු ගේ  ඥාණය නම් පුදුම සහගතය. 


ඒ උතුම් බුදු වදන් සෘජුව වටහා ගැනීමට පුහුදුන් අප අසමත් ය. 

තවමත් අප ලොකය හමුවේ මුලා වන්නේ එහෙයිනි.

 

නමුත්, ලොවින් වෙන් ව මහා ඝන වනාන්තර වල , ඇදහිය නොහැකි දිවි පෙවතින් කෙලෙස් තවමින් සසුන් සුරතල් පාන උතුම් යතිවරු තවමත්  ලොව වැඩ  වසති.ඒ උතුම් යති පුතුන් වහන්සේලා උතුම් බුදු වදන් ජීවිත වලට ගලපාගෙන වනයේ තනිව හැසිරෙන සිංහයන් මෙන් වැඩ සිටින අකාරය මහා ආශ්චර්ය සහගත ය.


 හුදකලාව අගයන උන්වහන්සේලා උතුම් දම් රස විඳිමින් ඝන කැලෑ මැදම ජීවිත අත් හරිති.


 කැලේ පිපුණ මල් කැලයටම පරවන විට එහි සුවඳ විඳීමට ලෝකයා අසමත් වන්නේය. එනිසාම එවන් කැලේ පිපුණු මලක සුවඳ ඔබට රස විඳින්නට අවස්ථාව සලසනු වස් ඈත ඉමක, මහා වනයක සසුන් කෙත සරු කරනු වස් ජීවිතය සසුනට පුද කර වන වැදී පිළිවෙත් පුරන සැබෑ බුදු පුතෙකුගේ නිකසල සිතින් ගලා බැසි අමා දම් වැසි ඔබ තෙමා සනසනු පිණිස පිංවත් ඔබ වෙනුවෙන් පුදන්නට මට සිත් විය.




ඉතා වැදගත් :- 

වෙබ් අඩවියෙන් නිසි ප්‍රතිඵල ලබා ගනු පිණිස මොහොතක් මෙය කියවන්න..


01. මේ වෙබ් අඩවිය තුළ සඳහන් වන සියළු ධර්ම කාරණා පිංවත් ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන ලද ධර්ම කරුණුය..

02. ඔබත් ගෞතම සම්බුදු සසුනෙහි ප්‍රතිඵල නෙළා ගනු රිසියෙන් ධර්මයේ හැසිරෙන පිංවතියක් හෝ පිංවතෙක් නම් ඔබටත් මෙහි ඉහළ දකුණු පස ඇති  Follow  යන බොත්තම එබීමෙන් සිතට ආහාර අඩවියේ පිංවන්ත සාමාජිකයෙක් විය හැක.

03. අළුත් ලිපි ලබා ගන්න යන තැනින් ඔබේ E mail ලිපිනය ඇතුළත් කර නවතම ලිපි සහ ⁣⁣⁣තොරතුරු පිළිබඳව ඉක්මණින් ඔබට දැනුවත් විය හැක. Twitter ගිණුම හරහා අපට එක්වීමෙන්ද ඔබට මෙම පහසුකම අත්විඳිය හැකි අතර මොනම හේතුවක් මතවත් ඔබේ ⁣තොරතුරු පිටතට ලබා නොදෙන බව වගකීමෙන් සහතික කරමි.

04. වෙබ් අඩවියේ පල කරන සියළු ලිපි පටුන යන පිටුවෙන් ඔබට පහසුවෙන් සොයා ගැනීමට හැකි වන පරිදි පෙළගස්වා ඇත.

05. ඔබට ඇති ඕනෑම ගැටළුවක් ඔබට පහසු භාෂාවක් භාවිතා කරමින් ගැටළු යොමු කිරීමට ඇති තැනින් අපට යොමු කළ හැකි අතර ඔබ විසින් අසන සියළු ධර්ම විනය ගැටළු සම්බන්ධව ⁣ගෞරවණීය ස්වාමීන් වහන්සේ විසින්ම කරුණා පූර්වකව පිළිතුරු ලබා දෙනු ඇත.

ඔබේ ගැටළුවට පිළිතුරු යොමු කළ සැණින් ඔබව දැනුවත් කරන අතර එම ගැටළු සහ පිළිතුරු නම් සඳහන් කිරීමකින් තොරව බහුතරයකට ප්‍රයෝජනවත් වන සේ ගැටළු සහ පිළිතුරු යන පිටුවෙහි ශීර්ෂ යටතේ වර්ග කර දක්වා ඇත.

06. තාක්ෂණ යුගයේ ජීවත්වන ඔබට ඒ තාක්ෂයෙන් නිසි ප්‍රතිඵල නෙලා ගනිමින් ධර්ම මාර්ගය සවිමත් කරණු වස් ගත් උත්සහයක ප්‍රතිඵලයක් ලෙස අන්තර්ජාලය පුරා විහිදී ඇති ඉතාම වැදගත් ධර්ම ග්‍රන්ථ (PDF Version)  එකම තැනකින් ලබා ගත හැකි වන පරිදි මෙ⁣හි ධර්ම ග්‍රන්ථ (PDF) යන පිටුවෙහි ඔබට ඉතා වටිනා අවස්ථාවක් සලසා දී ඇත. 

එමෙන්ම ධර්ම මාර්ගය ශක්තිමත් කර ගැනීම පිණිස තාක්ෂණික වශයෙන් භාවිතා කළ හැකි උපක්‍රම පිළිබඳව ඔබට තාක්ෂණික ඉඟි යන පිටුවෙන් අත්වැලක් සපයා ඇත.


ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. 
පතන බෝධියකින් සුවසේ ම උතුම් චතුරාර්‍ය සත්‍යයම අවබෝධ වේවා යි පතමි.


                                                                                                             මීට,
                                                                                                             ඔබේ සැනසීම රුචි කරන,
                                                                                                             කළ්‍යාණ මිත්‍රයෙක්....




No comments:

Post a Comment